ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

එමනේම පහේ ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික්කවල සිංහල සහ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණුද නිකුත් කෙරුණා.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා සිංහල මාධ්‍ය වැඩිම කඩඉම් ලකුණ වන්නේ 154 යි.

හම්බන්තොට සහ රත්නපුර අවම ලකුණු සීමාව 150 ක් වන අතර, වවුනියාව දිස්ත්‍රික්කයේ ලකුණු සීමාව සටහන් වන්නේ 145 ක් ලෙසයි.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍ය අවම ලකුණු සීමාව 147 ක්.

COMMENTS