සමථ මණ්ඩලයට යන වානම් මේ ගැන දැන ගන්න

සමථ මණ්ඩලයට යන වානම් මේ ගැන දැන ගන්න

රුපියල් මිලියනය දක්වා වූ මූල්‍ය ආරවුල් සමථ මණ්ඩලය සඳහා යොමු කිරීම අනිවාර්ය බව සමථ මණ්ඩල කොමිෂන් සභාවේ වැඩ බලන ලේකම් ඒ.එස්.පී.වීරසුරිය මහත්මිය පවසනවා.

එසේම, රුපියල් මිලියන දෙකක් දක්වා වටිනාකමක් ඇති ඉඩම් සම්බන්ධ සියලු පැමිණිලි, ඉඩම් පිළිබදව වූ විශේෂ සමථ මණ්ඩල සදහා යොමු කළ යුතු බව ද ඇය සඳහන් කළා.

මෙම අදහස් පළ වී ඇත්තේ, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ පවතින සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කාර්ය භාරය පිළිබදව පැහැදිලි කිරීම සදහා අධිකරණ අමාත්‍යාංශයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දීයි.

ජනතාවගේ පහසුව උදෙසා සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි සමථ මූල මණ්ඩල පිහිටුවා ඇති බව ද එම සාකච්ඡාවේ දී අනාවරණය කෙරුණා.