ගාල්ලේ වෙඩිතැබීමක්

ගාල්ල, දඩල්ල ප්‍රදේශයේ අද (18) පස්වරු 1.45ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ දඩල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයක් ඉදිරිපිට මාර්ගය අසල රැඳීසිටි පුද්ගලයින් දෙදෙනෙකුට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පළා ගොස් ඇති බවයි.
වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා වී නොමැති අතර, ගාල්ල පොලීසිය විමර්ශන සිදු කරනවා.

