ප්‍රතිසන්ධානය සහ සහජීවනය – ජාතික ප්‍රතිපත්තිය සැකසීම අවසන් අදියරේ

ප්‍රතිසන්ධානය සහ සහජීවනය – ජාතික ප්‍රතිපත්තිය සැකසීම අවසන් අදියරේ

ජාතික සමඟිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලීය පනත් කෙටුම්පත ප්‍රතිසන්ධානය සහ ජාතික සමඟිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සවිස්තරාත්මකව සාකච්ඡාවට ලක් කළා.

මේ පිළිබඳ සාකච්ජා කළේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී යි.

රැස්වීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සහ ජාතික සමඟිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය යන ආයතනවල රාජ්‍ය නිලධාරින් සහ නියෝජිතයන් සහභාගි වුණා.

මෙම පනත් කෙටුම්පත හරහා යෝජිත ඉලක්කයක් වන ප්‍රතිසංධානය සහ සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමේ මූලික කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත් එය ඉදිරි දිනවල දී ප්‍රකාශයට පත් කළ හැකි බවත් ජාතික සමඟිය හා ප්‍රතිසංධානය පිළිබඳ කාර්යාලයේ නියෝජිතයෝ පෙන්වා දුන්නා.

COMMENTS