චීන රාජතාන්ත්‍රිකයින් පිරිසක් දිවයිනට

චීන රාජතාන්ත්‍රිකයින් පිරිසක් දිවයිනට

නිල සංචාරයක් සඳහා චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත ශෙන් යීචින් ඇතුළු දූත පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන් දින 3 ක් මෙරට රැදීසිටීමට නියමිතයි.

මෙම දූත පිරිස රජයේ ඉහළපෙළේ නිලධාරින් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

මාලදිවයින් ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට මෙම චීන දූත පිරිස එක්වූ අතර, ඉන් අනතුරුව මෙරටට පැමිණි ඇත.

යෝජිත නව ආයෝජන පනත් කෙටුම්පත සැකසීමේ දී විදේශ ආයෝජන ප්‍රවර්ධනය, ආකර්ෂණය කර ගැනීම පිළිබඳ විශේෂඥ දැනුම ලබාදීමට වියට්නාමය එකඟතාව පළ කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික ආචාර්ය බුයි වැන් ගිම් ඇතුළු නියෝජත පිරිසක් සමඟ අරලියගහ මන්දිරයේ දී ඊයේ පැවති හමුවේදී මෙම එකඟතාවට පැමිණ ඇත.

COMMENTS