දැදුරු ඔය ජලාශය පිටාර මට්ටමේ

දැදුරු ඔය ජලාශය පිටාර මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ඒ අනුව වාරියපොළ, නිකවැරටිය, මහව, කෙබොයිගනේ, බිංගිරිය, හලාවත, රස්නායකපුර, ආරච්චිකට්ටුව සහ පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වල මඳ වශයෙන් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන්.
එම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

