ධීවරයන් පිරිසක් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවරයින් 22 දෙදෙනෙකු නාවිකා හමුදා භාරයට ගෙන තිබෙනවා.
පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමක දී එම ඉන්දීය ධීවරයින් සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කළා.
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා සහ ධීවරයින් පිරිස කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.
නාවික හමුදාව 2023 වර්ෂයේ මේ දක්වා සිදු කළ මෙහෙයුම්වලින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා 29ක් සහ ඉන්දීය ධීවරයින් 196ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්වුණා.

