ප්‍රධාන මාර්ගයක නාය යෑමක්

පැවති අධික වර්ෂාවත් සමඟ බදුල්ල ප්‍රධාන මාර්ගයේ 96 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ පුහුල්පොළ ප්‍රදේශයේ දී ගල් සමඟ පස් කන්දක් නාය ගොස් තිබෙනවා.
ප්‍රදේශවාසින් ප්‍රකාශ කළේ ඊයේ (18) රාත්‍රියේ මෙම නාය යෑම සිදු වූ බවයි.
නාය යෑම හේතුවෙන් එම ස්ථානයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.
මේ හේතුවෙන් බදුල්ල දෙසට යෑම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස වැලිමඩ පොලීසිය රියදුරන්ට දැනුම් දෙනවා.
විශාල ගල්, මාර්ගයට පතිත වී ඇති නිසා ඒවා ඉවත් කිරීමට යම් කාලයක් ගත වනු ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

