2048 දක්වා ණය ගෙවීමක්

2048 දක්වා ණය ගෙවීමක්

කුමන ආණ්ඩු රට බාර ගත්ත ද 2048 වසර වන තෙක් මෙරට ණය ගෙවීම් සිදු කළ යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයක දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඒ බව සඳහන් කළා.

අයවැය යෝජනාවලියේ සඳහන් කළ පරිදි ණය සීමාව ඉහළ නැංවීම මඟින් රජය ලබාගන්නා ණය ප්‍රමාණය ඉහළ නැංවීමක් සිදු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ ලංකා බැංකුව සහ මහජන බැංකුව යන රාජ්‍ය බැංකු දෙකෙහි ප්‍රාග්ධන ප්‍රමාණය ශක්තිමත් කිරීමත් ස්‍වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අවශ්‍ය නීතිමය අවශ්‍යතාවයක් සපුරා ගැනීමත් පමණක් එමඟින් සිදුවන බවයි.

රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළා.

COMMENTS