සා. පෙළ ප්‍රතිඵල දින කිහිපයකින්

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් දින කිහිපයක් තුළ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (21) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.
“දැන් දරුවෝ වයස් ගතවෙනවා විභාග කල් ගිහිල්ලා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අපි මාසයක් තුළ දුන්නා. ඉතිහාසයේ කවදාවත් මාසයක් තුළ ප්‍රතිඵල දුන්නේ නැහැ.”
“සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊඟළ දින කිහිපය තුළ දෙනවා. උසස් පෙළ විභාගය පවත්වන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ප්‍රතිඵල දෙන්න පමා වුණේ මාස තුනක් උත්තර පත්‍ර සලකුණු කිරීම පරක්කු වුණ නිසා. නැත්නම් මේ නොවැම්බර් අග වෙනෙකොට උසස් පෙළ විභාගය පටන්න ගන්න තිබුණා.”

