අබුඩාබී ටී-10 තරඟය වනිඳු ඇතුළු ක්‍රීඩකයින් පස් දෙනෙකුට අහිමි වෙයි

දුෂ්මන්ත, වනිඳු, මදුශංක, ලහිරු, සහ මතීෂට අබුඩාබී ටී-10 තරඟාවලිය අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම තහනමට හේතුව කුමක් ද යන්න පිළිබඳව තවමත් තොරතුරු වාර්තා වී නැහැ.
ක්‍රිඩාලෝලීන් මත පල කරන්නේ ක්‍රිකට් තහනම හේතුවෙන් මෙම ක්‍රීඩකයින්ට අබුඩාබී ටී-10 තරඟාවලිය අහිමි වී ඇති බවයි.
ක්‍රිකට් අන්තර් පාලක මණ්ඩලයක් පත් කිරීමට එරෙහිව ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය හෙට දක්වා කල් දමා තිබෙනවා.
ඒ එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී.එන්.සමරකෝන් යන විනිසුරු මඩුල්ල හමුවේ අද (22) කැඳවූ අවස්ථාවේදී යි.

