මධ්‍යම පළාතේ පාසල්වල ආපදා අවම කරගැනීමේ බලය කලාප අධ්‍යක්ෂවරුන්ට

අයහපත් කාලගුණ තත්ත්වයේ දී පාසල්වල ආපදා අවම කර ගැනීම සඳහා කඩිනම් තීරණ ගැනීමේ බලය මධ්‍යම පළාත් අණ්ඩුකාර ලලිත් යූ ගමගේ විසින් කලාප අධ්‍යක්ෂවරුන්ට පවරා තිබෙනවා.
පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළේ පවතින ක්‍රමය යටතේ ධූරාවලියට අනුව කටයුතු කිරීමේ දී සිදු වන ප්‍රමාදයන් වළක්වා ගැනීම එහි අරමුණ බවයි.
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 05 ක් විවෘත කර ඇති බව මහවැලි අධිකාරිය ප්‍රකාශ කළා.
පොල්ගොල්ල ජලාශයේ කාර්යභාර ඉංජිනේරු ක්‍රිෂාන්ත ඩයස් සඳහන් කළේ වික්ටෝරියා ජලාශයට ජලය තත්පරයට ඝන මීටර් 12,000ක් මුදා හැරෙන බවයි.
අධික වර්ෂාව තවදුරටත් ඇද හැලුනහොත්, තවත් හදිසි වාන් දොරටු විවෘත කිරීමට සිදු වන බැවින් මහවැලි ගඟ දෙපස වාසය කරන්නන් හා ගංඟාව පරිහරණය කරන්නන් විමසිලිමත්ව කටයුතු කළ යුතු බව ඒ මහතා වැඩිදුරටත් දැනුම් දෙනවා.

