ඉන්දිය ධීවර යාත්‍රා අනවසරයෙන් පැමිණීමේ අඩුවක්

ඉන්දිය ධීවර යාත්‍රා අනවසරයෙන් පැමිණීමේ අඩුවක්

අනවසරයෙන් පැමිණෙන ඉන්දියානු ධීවර යාත්‍රා සංඛ්‍යාවෙහි තරමක් අඩු වී ඇති බව නාවික හමුදාව ධීවර කටයුතු පිළිබද අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව වෙත දැනුම් දී තිබෙනවා.

එහි සභාපති ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවෙයි.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉන්දියානු ධීවර යාත්‍රා නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවීමේ ගැටළුව රාජතාන්ත්‍රික මට්ටමින් විසදාගත යුතු බව ද ධීවර අමාත්‍යවරයා එහි දී ප්‍රකාශ කළ බවයි.

COMMENTS