ක්‍රිකට් වලට අලුත් නීතියක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් තරඟාවලි සඳහා නව නීති කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.
එක්දින සහ T20 තරඟාවලි සඳහා වේලාව සම්බන්ධව නියාමනයක් ගෙන ඒමට සූදානම් වන බවයි වාර්තා වී ඇත්තේ.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ අදාළ නීතිය 2023 දෙසැම්බර් සහ 2024 අප්‍රේල් අතර පිරිමි එක්දින සහ T20 තරගවල දී අත්හදා බැලීමට සූදානම් බවයි.
එහි දී “පෙර ඕවරය නිමා වී තත්පර 60ක් ඇතුළත ඊළඟ ඕවරය යැවීමට පන්දු යැවීමේ කණ්ඩායම සූදානම් නැතිනම්, එය ඉනිමක තුන්වැනි වරට සිදු වූ විට ලකුණු 5ක දඩයක් පනවනු ලැබෙනවා.
මෙම අත්හදා බැලීම මාස 6ක් පුරාවට සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය අතර දෙසැම්බර් 3 වැනිදා ආරම්භ වන තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ දී මෙම නීතිය ප්‍රථම වතාවට අත්හදා බැලීමට නියමිතයි.

