දක්ෂිණ අධිවේගයේ අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ අද (23) සවස දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි.
ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදු වී ඇති අතර, ඇඟලුම් සේවිකාවක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
පොලීසිය පවසන්නේ තුවාල ලැබූවන් හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කළ බවයි.

