පොලිස් නිලධාරියෙකු අතුරුදන්

ඇළකට පැන පළායාමට තැත්කළ සැකකරුවෙක්ව අත්අඩංගුවට ගැනීම සඳහා උත්සාහ කළ පොලිස් නිලධාරි කණ්ඩායමකින් එක් පොලිස් නිලධාරියෙක් එහි ගිලී අතුරුදන්ව ඇති බව වාර්තා වෙනවා.
එම සිද්ධිය වාර්තා වෙන්නේ ජාඇල ප්රදේශයෙන්.
පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ජාඇල ප්රදේශයේ දී සැකකරුවෙක්ව අත්අඩංගුවට ගැනීමට යෑමේ දී ඔහු ඇළකට පැන පළායාමට තැත්කර ඇති අතර, ඔහුව අල්ලා ගැනීමට පොලිස් නිලධාරින් 4 දෙනෙකු ද එම ඇළට පැන තිබෙනවා.
අතුරුදන්ව ඇත්තේ එම පිරිසෙන් එක් අයෙක්.

