ලෝක කුසලාන සංචිතයට එක් නොවීම ගැන වනිඳුගෙන් ප්‍රකාශයක්

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එක් නොවීම දෙස් විදෙස් වෛද්‍යවරුන්ගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ නිර්දේශ මත ගත් තීරණයක් බව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග පවසනවා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේ වනිඳු හසරංග ලෝක කුසලාන එක්දින කණ්ඩායමට ඇතුළත් කිරීමට නොහැකි වූයේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලපෑම මත බවයි.
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග පාදයේ මස්පිඬු ආශ්‍රිත ආබාධයකට ලක්වන්නේ පසුගිය LPL තරගාවලිය අතරතුරයි.
එම ආබාධයට නිශචිත ප්‍රතිකාරයක් ලෙස වනිඳු හසරංගට ශල්‍යකර්මයක් සිදු කිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කළා.
නමුත් වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර ලෝක කුසලාන එක්දින සංචිතයට ඇතුළත් නොවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සඳහන් කළේ ක්‍රීඩා අමාත්‍යවරයා සහ ලෙජන් කෙනෙකු මීට වගකියයුතු බවයි.
ක්‍රිකට් සභාපතිවරයා එලෙස ප්‍රකාශ කළද සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින්ම සිදුකළ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේතමා ලෝක කුසලාන සංචිතයට එක්නොවීම දෙස් විදෙස් වෛද්‍යවරුන්ගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ නිර්දේශ මත සිදුවූවක් බවයි.

