බදු බරකින් නිදහස්

කෘෂිකාර්මික ඉඩම් සඳහා අය කෙරෙන අක්කර බදු මින් ඉදිරියට අය කිරීම අත්හිටුවීමට රජය තීරණය කළා.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඒ බව සඳහන් කළේ අද (12) දින සංවර්ධන නිලධාරින් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින්.
අක්කර බදු වලදී කෘෂිකාර්මික ඉඩම් සඳහා අක්කරයකට රුපියල් සියයක් බැඟින් අය කරනවා.
මෙම බදු මුදල් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අය කරගන්නා අතර එම මුදල රජයේ ආදායමට එකතු කරනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩල රැස්වීමක දී අක්කර බදු වශයෙන් අය කරගන්නා මුදල තවදුරටත් අය කිරීම අවශ්‍ය නැති බව ප්‍රකාශ කළා.
එයට හේතුව ලැබෙන ආදායමට වඩා වැඩි මුදලක් බදු එකතු කිරීමට වැය කිරීමට සිදුවීමයි.
අමාත්‍යවරයා සඳහන් කළේ අක්කර බදු අය කිරීම සම්පූර්ණයෙන්ම අතිහිටුවීමට පියවර ගන්නා බවයි.

