එළඹෙන මාර්තු මාසයේ සිට සෑම රාජ්‍ය ආයතනයකම ගෙවීම් ඔන්ලයින් ක්‍රමයට

එළඹෙන මාර්තු මාසයේ සිට සෑම රාජ්‍ය ආයතනයකම ගෙවීම් ඔන්ලයින් ක්‍රමයට

එළඹෙන මාර්තු මාසය වන විට සෑම රාජ්‍ය ආයතනයකම ගෙවීම් ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට බලාපොරොත්තු වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් ඊයේ (12) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ තාක්ෂණ අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින්.

රාජ්‍ය ආයතන 14ක ඩිජිටල් මූල්‍ය ක්‍රමය මේ වන විට ආරම්භ කර ඇති බවද ඔහු පෙන්වා දුන්නා.

Cyber Security පනත ලබන වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඒ සඳහා අධිකාරියක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (SL CERT) හදිසි දුරකථන අංකය – 101 ඔස්සේ අසාධාරණයට ලක් වන ඕනෑම අයෙකුට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි රාජ්‍ය අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

COMMENTS