ශ්‍රී ලංකාවාසීන්ට උල්කාපාත වැස්සක් බලන්න අවස්ථාවක්

ශ්‍රී ලංකාවාසීන්ට උල්කාපාත වැස්සක් බලන්න අවස්ථාවක්

ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාවේ උච්චතමය අවස්ථාව දැක බලා ගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හෙට (14) හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ තාරකා විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ සඳහන් කළේ, හෙට දින රාත්‍රී 9.00 න් පසු උතුරු, නැගෙනහිර අහසේ එය නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බවයි.

ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙස සැලකේ.

පෘථිවිය පයිතන් ග්‍රහකයේ සුන්බුන් හරහා ගමන් කිරීමෙදී ග්‍රහක කොටස් වායුගෝලය සමග ගැටීම හේතුවෙන් ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව දැකගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.