ශිෂ්‍යත්ව විභාගය සරල වෙයි

ලබන වසරේ සිට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවතින තත්ත්වයට වඩා සරල කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු කියා සිටියේ විභාගවලින් ලකුණු ලබා ගන්නා ආකාරය අනුව සිසුන් ඇගයීම ඉදිරියේදී සිදුනොකරන බවයි.
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සහ 2022 සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළ ලකුණු ලබා ගත් දරු දැරියන් ඇගයීමේ උත්සවයට අධ්‍යාපන අමාත්‍යාංශයේදී ඊයේ (13) එක්වෙමිනුයි මුහු ප්‍රකාශ කර ඇත්තේ.
ශිෂ්‍යත්ව විභාගයෙන් ලබා ගන්නා ලකුණු මෙන්ම 4, 5 ශ්‍රේණි දෙක තුල පන්ති කාමරය සිදුකරනු ලබන ඇගයීම් වලින් සියයට 30 ක් ලකුණු ලබා ගැනීම ලකුණු ලබා දීමේදී අවධානයට යොමුවනවා.
ඒ සඳහා සිසුන්ගේ අඛන්ඩව පාසල් පැමිණීම ද වැදගත් වන බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

