හාලිඇළ සිදුවූ නාය යාමකින් වෙළෙඳසැල් 2ක් විනාශ වෙයි

හාලිඇළ නගරයේ දහවල් නාය යෑමක් සිදුව තිබෙනවා.
හාලිඇළ නගර මධ්‍යයේ පිහිටි පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මෙම නාය යෑම සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.
පස් කන්ද වැටීමෙන් ඒ අසල තිබුණු වෙළෙඳසල් දෙකක් විනාශ වී ගොස් ඇති අතර, වෙළෙඳසලේ සිටි වෙළෙඳුන් දෙදෙනා බේරී තිබෙනවා.
අනතුරත් සමඟ නාය යාමේ අවදානමට ලක් වූ තවත් වෙළෙඳසල් පහක් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

