අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් තීරණයක්

අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් තීරණයක්

2024 ජනවාරි මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් 54 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අදාළ ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ වාර්ෂික ස්ථාන මාරු වීම් යටතේ හා සේවා අවශ්‍යතා මතයි.

ස්ථාන මාරුවීම් ලබාදී තිබෙන්නේ කඩුවෙල, පූගොඩ, මාරවිල, කළුතර, මාතලේ, ඇල්පිටිය, මොණරාගල, පුත්තලම, කිලිනොච්චිය සහ අනුරාධපුර යන අධිකරණවල දිසා විනිසුරුවරුන්ටයි.

හෝමාගම, මීගමුව, බණ්ඩාරවෙල, නුවරඑළිය, මඩකලපුව, කෑගල්ල, ඇල්පිටිය, බලපිටිය, මැදවච්චිය, නොච්චියාගම, නාඋල, ආණමඩුව, අගුණකොළපැලැස්ස සහ කහටගස්දිගිලිය යන අධිකරණවල මහේස්ත්‍රාත්වරුන්ට ද මෙවර ස්ථාන මාරුවීම් හිමිව ඇති බව වාර්තා වෙනවා.

COMMENTS