ලොරි රථ දෙකක් ගැටෙයි – ජීවිතයක් අහිමිවෙයි

අම්බලන්ගොඩ, ගාලු පාරේ වටරවුම ආසන්නයේ දී ලොරි රථ දෙකක් එකිනෙක ගැටී තිබෙනවා.
අනතුරෙන්, දෙදෙනෙකු තුවාල ලබා එක් අයෙකු මියගියා.
අම්බලන්ගොඩ පොලීසිය පවසන්නේ අලුත්ගම සිට මීටියාගොඩ බලා ධාවනය කළ D.J ශබ්ද විකාශන ප්රවහනය කළ කුඩා ලොරි රථයක රියදුරුට නින්ද යාම නිසා ඉදිරියෙන් පැමිණි විදුලි ජනක ප්රවාහනය කරන ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදු ව ඇති බවයි.
මියගොස් ඇත්තේ, 21 හැවිරිදි මීටියාගොඩ පදිංචිකරුවෙක්.
එම ලොරියේ ගමන් කළ පුද්ගලයා සහ විදුලි ජනක ප්රවාහනය කළ ලොරියේ රියදුරු තුවාල ලබා බලපිටිය මූලික රොහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.
පොලීසියසඳහන් කළේ අනතුරට හේතුව අධික වේගය හා රියදුරුට නින්ද යාම බවයි.

