හෙද සත්කාර සේවාවට සම්මුඛ පරික්ෂණ ජනවාරියේ

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ රජයේ රෝහල්වල හෙද සත්කාර සේවාවට සම්මුඛ පරික්ෂණ සිදු කරන බවයි.
ඒ අනුව අදාල බඳවාගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ ලබන ජනවාරි 13 වනදා සිට පෙබරවාරි 18 වනදා දක්වා පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.
මෙම බඳවාගැනීම සිදුවන්නේ 2019 – 2020 උසස් පෙළ විද්‍යා සහ ගණිත අංශ විෂය ධාරාවලින් සමත් සිසුගෙන්.
මූලික සුදුසුකම් පරික්ෂා කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සහ දිවයින පුරා හෙද විදුහල්වල පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.
වැඩිදුර තොරතුරු ලබන 27 වනදායින් පසු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.
හෙද සත්කාර සේවාවට 4000කට අධික පිරිසක් අයදුම්කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

