අතරමං වූ සංචාරකයින්

අතරමං වූ සංචාරකයින්

අතරමංව සිටි සංචාරකයින් 61 දෙනෙකු සහන කණ්ඩායම් විසින් බේරාගත්තා.

ඒ උතුරු කාෂ්මීරයේ ගුල්මාක් හි හිමකුණාටුවකට මැදිව අතරමංව සිටියදී යි.

එම සංචාරකයින් පිරිස පසුගිය සෙනසුරාදා දිනයේ ගුල්මාක් කලාපයට ගමන් කර තිබුණා.

එම ප්‍ර දේශයට බලපෑ අධික හිමපතන තත්ත්වය හේතුවෙන් ඔවුන් අතරමංවූ බව වාර්තා වෙනවා..

ඔවුන් මුදාගැනීම සඳහා ඉන්දීය හමුදා සහ සහන කණ්ඩායම් විසින් විශේෂ මෙහෙයුමක් දියත් කළේ ඉන් අනතුරුවයි.

ඒ අනුව සංචාරකයින් 61 දෙනෙකු සොයාගෙන ඇති බව විදෙස් වාර්තා කරනවා.

මුදාගත් පිරිස අතර ළමුන් සහ කාන්තාවන් ද සිටිනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ගුල්මාක් යනු ලෝක ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වන බවත්, පවතින අධික හිමපතනය හේතුවෙන් එම කලාපයට පිවිසීම ඉතා දුෂ්කර බවයි.

COMMENTS