අස්ගිරි සහ මල්වතු මහා නායක හිමිවරුන් ජනපතිට ලියයි

ඓතිහාසික මිහින්තලය පුදබිමට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට කටයුතු කරන ලෙස අස්ගිරි සහ මල්වතු මහා නායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබෙනවා.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ මිහින්තලා පුදබිම යනු සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ උරුමයක් පමණක් නොව සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව වෙත උතුම් බෞද්ධ දර්ශනය සංස්පර්ශය තිළිණ කළ ථේරවාද මහාවිහාරීය බෞද්ධ සම්ප්රදායේ කේන්ද්‍රස්ථානය බවයි.
බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීමෙන් බැදී සිටන ශ්‍රී ලංකා ජන රජය මෙම ඓතිහාසික උරුමය සුරක්ෂිත කරලීමෙහි ලා අප්‍රමාදීව කටයුතු කළ යුතු බව, තරයේ විශ්වාස කරන බවද අස්ගිරි හා මල්වතු මහ නා හිමිවරුන් සිය ලිපියෙන් අවධාරණය කර තිබෙනවා.

