ඇමති කළ හෙළිදරව්ව

ඇමති කළ හෙළිදරව්ව

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත්කිරීමට විරුද්ධ වූ ප්‍රමුඛපෙළේ නීතිඥයින් බිලියන ගණනින් මුදල් ගෙන ඇති බව අමාත්‍ය ටිරාන් අලස් මහතා හෙළිදරව් කළා.

ඒ අනුව එම නීතිඥයින් කුඩු ජාලයේ අය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිට ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔමු මෙම අදහස් පලකළේ මාතර පොලිස් කොට්ඨාසයේ පැවති වැඩසටහනකදී යි.

පසුගිය අරගල සමයේ අරගල කරුවන් සමඟ ගැටෙමින් සිටි බැවින් පොලිසියට මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධයෙන් කටයුතු කිරීමට කාලයක් නොතිබුණ බවත්, මේ හේතුවෙන් එම ක්‍රියාකාරකම් රට තුල වර්ධනය වූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

COMMENTS