භාග සම්පූර්ණ කරන්න ප්‍රසන්නගෙන් උපදෙස්

දිවයින පුරා ඉදි කිරීම් ආරම්භ කර වැඩ අවසන් නොකර අතහැර දැමූ උදාගම්මාන 2,150ක අඩක් ඉදිකර ඇති නිවාස 39,815ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, නිවාස ඇමැතිවරයාව සිටිය දී 2015-2019 සිවු වසර තුළ දිවයින පුරා උදාගම්මාන 2,158ක නිවාස ඒකක 42,610ක වැඩ ආරම්භ කළා.
ඇතැම් නිවාස පදිංචියට සුදුසු තත්ත්වයේ නොතිබීම හේතුවෙන් ඒවායේ හිමිකරුවන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවට පසුගිය සමයේ දී වාර්තා වුණා.
විවිධ රජයන් විසින් වැඩ ආරම්භ කර අතරමඟ නතර කර දමා ඇති නිවාස 98,000 ඉදි කිරීම් කඩිනමින් අවසන් කිරීම කෙරෙහි ද අවධානය යොමුව තිබෙනවා.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ ඒ සඳහා රුපියල් මිලියන 24,000ක මුදලක් අවශ්‍ය බවයි.

