වර්ජනයකට සැරසෙන ගිලන්රථ සේවකයන්

මධ්‍යම පළාත් රජයේ සෞඛ්‍ය සේවා ගිලන්රථ සේවක සංගමය හෙට (19) සහ අනිද්දා(20) සංකේත වර්ජනයක නිරතවීමට නියමිතයි.
එම සංගමයේ සභාපති සම්පත් කරුණාරත්න සහ ලේකම් සුදත් හේරත් පවසන්නේ ගිලන්රථ සේවකයන් 15 දෙනෙකු සිය රාජකාරිවලින් බැහැර ක්ෂේත්‍ර සහ ආයතන සඳහා මාරු කිරීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය සිදු කරන බවයි.
එමෙන්ම ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දිවයින පුරා වනජීවි නිලධාරින් ද අද(18) වර්ජනයක නිරතවනවා.
අසනීප නිවාඩු වාර්තා කරමින් සංකේත වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක ප්‍රකාශ කළා.

