හිරබත් කන්න වෙන කාදිනල්

මූල්‍ය අපරාධ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් හිටපු කාදිනල්වරයෙකු මෙන්ම පාප්තුමාගේ හිටපු උපදේශකයකු වූ ඇන්ජෙලෝ බෙචුට වතිකානු අපරාධ අධිකරණය වසර 05යි මාස 06 සිර දඬුවමක් නියම කළා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහුට යුරෝ 8000ක දඩයක් ද නියම කර ඇති බවයි.
රෝමානු කතෝලික පල්ලියේ හිටපු අගරදගුරුවරයෙකු වතිකානු අපරාධ අධිකරණය විසින් වරදකරු කරනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙයයි.
මෙම නඩුව වතිකානු ඉතිහාසයේ දීර්ඝතම නඩු විභාගයයි.
වතිකානුවට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200.5 ක මුදලක් අවභාවිත කරමින් ඉතාලි ව්‍යාපාරිකයෙකු ලඟ ආයෝජනය කිරීම ඇතුළු මූල්‍ය අපරාධ චෝදනා කීපයක් හිටපු අගරදගුරු ඇන්ජලෝට එල්ල වුණා.
මෙම මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධ නඩුව ආරම්භ වුනේ 2021 වසරේ ජූලි 27 වැනිදායි.
නඩුවේ දී ඇන්ජෙලෝ බෙචු හැර තවත් විත්තිකරුවන් 09 දෙනෙකුට මූල්‍ය අපරාධ චෝදනා ගොනු වුණා.
නඩුවාර 80කට වඩා වැඩි ප්‍රමාණයකට පසු පසුගිය 16වැනිදා ඇන්ජෙලෝ බෙචු ඇතුළු විත්තිකරුවන් වරදකරුවන් කරමින් වතිකානු අපරාධ අධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කළා.

