රජය අවබෝදතා ගිවිසුමකට

ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ ආපදා පූර්ව අනතුරු ඇගවීමේ නව ක්‍රමවේදයක් එළි දැක්වීම සඳහා වූ අවබෝදතා ගිවිසුමකට එළැඹි බවයි.
මෙහි අරමුණ ආපදා පූර්ව අනතුරු ඇගවීමේ යාන්ත්‍රණය වඩා ශක්තිමත් කිරීම තුළින් ශ්‍රි ලාංකික පුරවැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ SLTMobitel, Hutch, Dialog සහ Airtel දුරකතන සේවා සැපයුම් ආයතන එක්ව ආපදා පූර්ව අනතුරු ඇගවීමේ නව ක්‍රමවේදයක් එළි දැක්වීම සහ ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් කළා.
ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ගිවිසුමට අත්සන් කිරීම ජනාධිපති කාර්යාලයේ දී සිදු කළා.

