ටෙලිකොම් සේවකයින් වර්ජනයක

ශ්රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවකයින් අඛන්ඩ වර්ජනයක් ආරම්භ කළා.
වර්ජනය අද (19) සිට ක්රියාත්මකයි.
මෙම වර්ජනය කරන්නේ එහි අධ්යක්ෂ මණ්ඩලයේ ක්රියාකාරිත්වයට විරෝධය පළ කරමින්.
එම ආයතනයේ සේවකයින් පවසන්නේ වරප්රසාද සහ දීමනා නිසි පරිදි සිදු නොකරන ටෙලිකොම් ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලය ඉවත් කළ යුතු බවයි.
අවස්ථා කිහිපයක දී ඔවුන් මෙම ඉල්ලීම් සඳහා වර්ජනවල නිරත වූවද ඊට ස්ථිර විසදුමක් නොලැබීම හේතුවෙන් මෙම අඛණ්ඩ වර්ජනය ආරම්භ කළ බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

