හෙද පුහුණුවට බඳවා ගන්නා සම්මුඛ පරීක්ෂණ ලබන මස 13 වනදා සිට

මෙරට රජයේ රෝහල්වල රෝගී සත්කාර හා ප්‍රතිකාර සේවාවන් වඩාත් ගුණාත්මකව විධිමත්ව, ඉදිරියට පවත්වා ගෙන යාම සදහා මානව සම්පත සංවර්ධනය කිරීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රමවේදයන් පිළිබඳව කරුණු සොයා බැලීම සදහා විශේෂ සාකච්ජාවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
මෙහිදී, හෙද කාර්යය මණ්ඩල ධාරිතාවය වැඩි කිරීම සඳහා අයදුම්පත් යොමු කල හෙද අපේක්ෂකයින්ගේ සම්මුඛ පරීක්ෂණ කඩිනමින් පවත්වා ඔවුන් හෙද පුහුණුවට ඇතුලත් කිරීමට පියවර ගන්නා ලෙසයි සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා එම විෂයට අදාල නිලධාරීන්ට උපදෙස් දී තිබෙන්නේ
ඒ අනුව කටයුතු කරමින් 2019/2020 අ.පො.ස උසස් පෙළ විද්‍යා සහ ගණිත අංශ විෂයධාරා වලින් සමත්වී සිසු හෙද පුහුණූව සදහා අයදුම්පත් යොමු කරන ලද අයදුම්කරුවන් වෙනුවෙන් සිසු හෙද පුහුණුවට තෝරා ගැනීමට මුලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණය 2024 ජනවාරි මස 13 දින සිට පෙබරවාරි මස 18 දින දක්වා පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු යොදා තිබෙනවා
මෙම සම්මුඛ පරීක්ෂණ කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේ හා දිවයින පුරා පිහිටි හෙද විදුහල්වල පැවැත්වීමට සැලසුම් කර ඇති අතර අයදුම්කරුවන් 4000 කට අධික ප්‍රමාණයක් මේ සදහා අයදුම්කර ඇති බවද සඳහන්.
මේ පිලිබද වැඩි විස්තර මේ මස 27 දිනෙන් පසු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් පිටුවේ (https://www.health.gov.lk/) පළකිරීමට කටයුතු කරන අතර එම දිනයෙන් පසු අයදුම්කරුවන් එම වෙබ් පිටුව පරිශීලනය කර අවශ්‍ය විස්තර ලබා ගන්නා මෙන්ද සෞඛ්‍ය අමාත්‍යංශය දන්වා සිටිනවා.
මේ වන විට දිවයින පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෙද නිලධාරීන් 45,000 කට අධික ප්‍රමාණයක් සේවය කරන අතර දිවයින පුරා හෙද පුහුණු පාසල් 17 ක හෙද සිසු සිසුවියන් 6500 අධික ප්‍රමාණයක් පුහුණු පාඨමාලාවල නිරත වන බවද පැවසෙනවා.

