උසස් පෙළ විභාගය එළඹෙන ජනවාරි මාසයේදී

උසස් පෙළ විභාගය එළඹෙන ජනවාරි මාසයේදී

2023(2024) – අ.පො.ස උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වනදා සිට ජනවාරි 31 වනදා දක්වා පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව උසස් පෙළ විභාගය විභාග මධ්‍යස්ථාන 2298කදී පැවැත්වීමට නියමිතයි.

පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර හා කාල සටහන් විදුහල්පතිවරුන් වෙතද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් අයදුම්පතෙහි සඳහන් කර තිබු ලිපිනයට මේ වනවිට තැපැල් මගින් යොමුකර ඇති බව සඳහන් වනවා.

එමෙන්ම විභාග ප්‍රවේශ පත්‍ර නොලද පාසල් විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර පාසල් ප්‍රධානීන් වෙතද පෞද්ගලික විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ අයදුම්කරු වෙතද බාගත කිරීමේ අවස්ථාව මේ වන විට ලබාදී ඇති අතර ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk භාවිතා කළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

COMMENTS