කීරි සම්බා වෙනුවට GR 11 ගෙන්වන්න අනුමැතිය

පෞද්ගලික අංශය හරහා කීරි සම්බා සහල් වර්ගයට සමාන GR 11 සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ආනයන කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
වෙළෙඳපොළේ සහල් මිල පාලනය සඳහා ආහාර ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශ පරිදි සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ආනයනය කිරීම සඳහා 2023.11.20 වන දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වී තිබිණි.
දේශීය වෙළෙඳපොළේ කීරි සම්බා සහල් සහ සම්බා සහල්වල මිලෙහි තරගකාරීත්වයක් ඇති කරමින්, මිලෙහි වාසිය පාරිභෝගිකයාට ලබා දීමේ අරමුණින් මෙම සහල් තොගය ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ තිබේ.

