විදුලි බල මණ්ඩල සේවකයින්ගේ දීමනා කපයි

2023 වසරේ වාර්ෂික ප්‍රසාද දීමනාවක් හෝ වෙනත් දීමනා ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට ලබා නොදීමට තීරණය කර තිබෙනවා.
එම මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු ප්‍රධානින්ට විෂයභාර අමාත්‍ය කංචන විජේස්කර ලිඛිතව ඒ බව දැනුම් දුන්නා.
විදුලි බල මණ්ඩලයේ පරිපාලන සහ මෙහෙයුම් පිරිවැය අඩු කිරීමේ පියවරක් ලෙස මීට පෙර වසරවල ද වාර්ෂික ප්‍රසාද දීමනා නොගෙවූ බව අමාත්‍යවරයාගේ ලිපියේ සඳහන්.
2015 වසරේ සිට වසර තුනකට වරක් හිමි වූ සියයට 25ක වැටුප් වර්ධකය ද නොගෙවන බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

