ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ දැඩිසත්කාර ඒකකයට

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ දැඩිසත්කාර ඒකකයට

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතාව මීට දින කිහිපයකට පෙර කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ඇති බව එහි රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය මහත්මිය පැවසීය.

දැඩි සත්කාර ඒකකය ඉදිරිපිට දැන්වීම් පුවරුවක් ද සවි කර ඇති අතර, ඔහු බැලීම සඳහා අවසර හිමි නොවන බවට එහි දක්වා ඇති බවයි පැවසෙන්නේ.

විශාල රසික පිරිසක් ඔහුගේ සැප දුක බැලීම සඳහා පැමිණීම රෝහලට මෙන්ම ඔහුට ද විශාල අපහසුතාවයක් ඇති කරන බව රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.

එම නිසා කිසිවෙකුත් මේ මොහොතේ චාමර වීරසිංහ බැලීම සඳහා රෝහලට පැමිණීමෙන් වළකින ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

COMMENTS