ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ දැඩිසත්කාර ඒකකයට

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතාව මීට දින කිහිපයකට පෙර කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ඇති බව එහි රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය මහත්මිය පැවසීය.
දැඩි සත්කාර ඒකකය ඉදිරිපිට දැන්වීම් පුවරුවක් ද සවි කර ඇති අතර, ඔහු බැලීම සඳහා අවසර හිමි නොවන බවට එහි දක්වා ඇති බවයි පැවසෙන්නේ.
විශාල රසික පිරිසක් ඔහුගේ සැප දුක බැලීම සඳහා පැමිණීම රෝහලට මෙන්ම ඔහුට ද විශාල අපහසුතාවයක් ඇති කරන බව රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.
එම නිසා කිසිවෙකුත් මේ මොහොතේ චාමර වීරසිංහ බැලීම සඳහා රෝහලට පැමිණීමෙන් වළකින ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

