කේක් අලෙවිය 50%කින් බැහැලා

නත්තල් සමයේ කේක් අලෙවිය 50%කින් අඩුවී ඇති බව බේකිරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන පවසනවා.
මේ වන විට රටෙහි පවතින උග්ර ආර්ථික අර්බුදය ඒ සඳහා හේතු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
කේක් කිලෝ ගණනින් වෙනදාට මිල දී ගන්නා පාරිභෝගිකයින් මෙවර එය ග්රෑම් 250 දක්වා සීමා කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර පසුගිය කොරෝනා වසංගතයේ සිට පැවැත්වෙන නත්තල් උත්සවවලදී කිතුනු නිවෙස් බොහොමයක සාධනු ලබන නත්තල් කේක් පවා මෙවර නතර කර ඇති බවද සඳහන්.

