නන්තල වෙනුවෙන් අද සිට දුම්රිය ගමන් වාර කිහිපයක්

නන්තල වෙනුවෙන් අද සිට දුම්රිය ගමන් වාර කිහිපයක්

නත්තල් උත්සව සමය වෙනුවෙන් දුර ගමන් සේවා දුම්රිය ගමන් වාර කිහිපයක් අද සිට ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

කොළඹ කොටුව – බදුල්ල, මහනුවර – බදුල්ල සහ අනුරාධපුරය – කන්කසන්තුරය ස්ථානවලට ඉහළට සහ පහළට එම දුම්රිය ක්‍රියාත්මක වන බව සදහන්.

ඒ අනුව අද ,හෙට සහ ලබන 25 සහ 26 යන දිනවල කොළඹ කොටුවෙන් පෙරවරු 7.30 ට ද, අනිද්දා සහ 25 දිනවල කොළඹ කොටුවෙන් පෙරවරු 7.30 ට ද, බදුල්ල බලා විශේෂ දුම්රිය ධාවනය වනවා.

එමෙන්ම අද සිට 25 වනදා දක්වා බදුල්ලේ සිට පෙරවරු 5.20 ට ද, ලබන 24 සහ 26 යන දිනයන්හි පෙරවරු 7.45 ට ද, කොළඹ කොටුව බලා විශේෂ දුම්රිය ද ධාවනය කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.