සිම්බාබ්වේ ක්රිකට් ක්රීඩකයින් දෙදෙනෙකුට තරඟ තහනමක්

තහනම් උත්තේජක නීති උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් සිම්බාබ්වේ ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයින් දෙදෙනෙකුට එරට ක්රිකට් පාලක මණ්ඩලය තරග තහනමක් පනවා තිබෙනවා.
වෙස්ලි මාදේවේරේ සහ බ්රැන්ඩන් මවුතාට මෙලෙස තරග තහනම පනවා ඇත්තේ සිම්බාබ්වේ ක්රිකට් නීති සංග්රහය යටතේ චෝදනා කරමින්. මෙම ක්රිඩකයින් දෙදෙනාම පසුගියදා නිමාවු අයර්ලන්ත එක්දින තරගාවලිය සදහා සිම්බාවේ කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.
මේ අතර ලබන වසරේ විස්සයි 20 ලෝක කුසලානයට පැමිණීමට සිම්බාබ්වේ කණ්ඩායම අසමත් වීම හේතුවෙන් පුහුණුකරු ඩේව් හූටන් ඉල්ලා අස්වී තිබෙනවා.
කණ්ඩායම ලෝක කුසලානයට සුදුසුකම් නොලැබීම සමිබන්ධයෙන් පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බව සදහන්.
සිම්බාබ්වේ ක්රිකට් කණ්ඩායම ලබන ජනවාරි මාසයේදි එක්දින සහ පන්දුවාර විස්ස තරගාවලියක් සදහා ශ්රී ලංකාවට පැමිණෙන අතර දෙරට අතර එක්දින තරගාවලිය ජනවාරි මස 06 වනදා ආරම්භ වීමට නියමිතයි.

