ගස් දෙකක් කඩා වැටී සිදූ වූ බිහිසුණු අනතුර (Photos)

මහනුවර තිලක් රත්නායක මාවතේ අද (27) උදෑසන 11.00 ට පමණ එකිනෙකට යාව පිහිටි බෝ ගසක් හා සපු ගසක් කඩා වැටීම හේතුවෙන් එම ස්ථානයේ ගාල් කොට තිබූ රථ වාහන 8කට හානි සිදුවි ඇත.
මහනුවර අස්ගිරිය තිලක් රත්නායක මාවතේ තිබූ දැවැන්ත බෝ ගසක් සහ සපු ගසක් මහා මාර්ගයට ඇද වැටීම හේතුවෙන් මහමග ගමන් කරමින් තිබූ ත්රිරෝද රථයක් ඇතුළු වාහන අටකට බරපතල හානි සිදු වී දෙදෙනෙකු තුවාල ලැබූ බව මහනුවර පොලිසිය පවසයි.




