බදුල්ලට විශේෂ දුම්රිය දෙකක්

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය දෙකක් අද (27) සහ 29 යන දිනවල ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එම දුම්රිය දෙක කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 7.30 ට බදුල්ල බලා ධාවනය කෙරෙන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.
මේ අතර මේ මස 28 හා 31 යන දිනවල ද පෙරවරු 7.45 ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් විශේෂ දුම්රිය දෙකක් කොළඹ දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙන බව සඳහන්.

