ජපානය හෙල්ලූ භූ කම්පන

ජපාන වෙරළතීරය ආසන්නයේ ප්‍රබල භූ කම්පන දෙකක් සිදු වුණා.
එම භූ කම්පනවල ප්‍රභලත්වය සටහන්ව ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 6.5ක් සහ ඒකක 5ක් ලෙසයි.
එක් භූ කම්පනයක් එරට වේලාවෙන් පස්වරු 02.45ට සිදු ව තිබෙනවා.
එම භූ කම්පනයෙන් මිනිත්තු 22කට පසුව අනෙක් භූ කම්පනය සිදු ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර නොමැති බවයි.

