තවත් කොවිඩ් මරණයක්

එකම පවුලේ කාන්තාවන් දෙදෙනෙකු වමනය හේතුවෙන් පසුගිය 25 වැනිදා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත්කර ඇති අතර, ඉන් එක් කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පැය 02කට පසුව මිය යාමේ සිදුවීමක් වාර්තා වනවා.
පසුව කළ කොවිඩ් පරීක්ෂාවකදී හෙළි වී ඇත්තේ, එම කාන්තාව කොවිඩ් ආසාදිත බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ, යක්කල, කොස්කඳවල ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.කේ. පේමවතී නැමැති 63 හැවිරිදි විවාහක කාන්තාවක්.
පසුව එම කාන්තාවගේ වැඩිමහල් සොහොයුරියගේ ද කොවිඩ් පරීක්ෂණයක් සිදුකර ඇති අතර, ඇය ද කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි වීරඟුල පොලිසිය පවසනවා.
එම කාන්තාව තවදුරටත් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර, මියගිය කාන්තාවගේ දේහය ඊයේ ආදාහනය කෙරුණා.

