උණ රෝගයෙන් රැඳවියෙකු ජීවිතක්ෂයට

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකශක ගාමිණී.බී.දිසානායක ප්‍රකාශ කළේ මාතර බන්ධනාගාරයේ සිටි තවත් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඒ උණ රෝගය වැළඳීම හේතුවෙන් මාතර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී යි.
ඔහු වළස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙක්.
නඩත්තු නඩුවකට අදාළව මෙම රැඳවියා බන්ධනාගාර ගත කළ අයෙක්.
මේ වනවිට තවත් එක් රැඳවියෙකු රෝහලේ ප්‍රතිකාර ලබන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

