ඉන්ධන මිල වැඩි වුණ හැටි

ඉන්ධන මිල වැඩි වුණ හැටි

ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව අද (01) උදෑසන සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

අලුත් අවුරුදු උදාව හේතුවෙන් සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 17කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363කි.

මේ අතර ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 355කි.

ඔක්ටේන් 95 සහ සුපිරි ඩීසල් මිල ගණන් ඛනිජ තෙල් සංස්ථාවේ මිල ගණන් අනුව වෙනස් කර තිබේ.

මේ අතර, ලංකා IOC සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 366කි.

පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 38කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 464කි.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 29කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 358ක් ලෙස දැක්වේ.

සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 41කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 475ක් ලෙසය.

භූමිතෙල් ලීටරයක් රුපියල් 11කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 236ක් වේ.

COMMENTS