ලිට්‍රෝ – ලාෆ් ගෑස් පෙන්වයි

ලිට්‍රෝ – ලාෆ් ගෑස් පෙන්වයි

ලිට්‍රෝ ගෑස් මිල වැඩි කරන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 685කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,250කි.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 276කින් වැඩි කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,707ක් වේ.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 127කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 795කි.

මෙම මිල ගණන් සංශෝධනය අද සිට ක්‍රියාත්මක වේ.

මේ අතර අද සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිලද ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 755කින් ඉහළ දමා ඇත.

එහි නව මිල වන්නේ රුපියල් 4,740කි.

මේ අතර කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 305කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.

එහි නව මිල ලෙස සඳහන් වන්නේ රුපියල් 1,900කි.