පොල් නිෂ්පාදනය ඉහළ නැංවීමට විශේෂ වැඩසටහනක්

මෙරට දේශිය පොල් නිෂ්පාදනය ඉදිරි දෙවසර ඇතුලත ගෙඩි මිලියන 3600 ක් දක්වා ඉහල නැංවීමට පොල් සංවර්ධන මණ්ඩලය විසින් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
මේ වනවිට වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 3000ක් වන අතර ඉන් ගෙඩි මිලියන 1700ක් වාර්ෂික පරිභෝජනය සඳහා යොදා ගනු ලබනවා.
එමෙන්ම තවත් පොල්ගෙඩි මිලියන 1500ක් පමණ අපනයනය කරනු ලබන අතර තවදුරටත් මෙරට පොල් නිෂ්පාදනය ඉහළ දැමීම අරමුණින් පොල් පැළ බෙදා දීම ඇතුලු නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි පොල් සංවර්ධනය මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

